පාර්ලිමේන්තු පොකුරක් - තවත් මන්ත්‍රීවරයෙක් Covid ආසාදිත වෙයි.

By Sewvandhi Jan 25, 2022 06:44 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. 

 පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමිනුයි, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ.

මේ අතර,රාජ්‍ය ඇමති ජයන්ත සමරවීරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඔහු කටයුතු කරනවා.

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්,ජාතික ලයිස්තුවෙනුයි, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now