ඉන්ධන පෝලිමක නවතා තිබූ යතුරු පැදියක් සොරා ගැනේ

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 04, 2022 12:19 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

අම්බලන්ගොඩ අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන ලබා ගැනීම සඳහා නවතා තිබූ යතුරු පැදියක් ඊයෙ අලුයම 3.25ට පමණ යම්කිසි පුද්ගලයකු විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

අංක SP XU 5973 දරන අදාළ යතුරුපැදිය එම ඉන්ධන පෝලිමේ දින 2කට අධික කාලයක් නවතා තිබූ එකක්. ඊයේ අලුයම 2ට පමණ එම ස්ථානයෙන් එහි හිමිකරු ඉවත් ව ගොස් ඇතිි බව අප ඒ සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී දැනගන්නට ලැබුණා. 

ඔහු එම ස්ථානයෙන් සිය නිවස වෙත පිටත් ව ගොස් ඇත්තේ, ඒ අවස්ථාවේ ඉන්ධන පෝලිමේ සිටි අනෙක් පිරිසට සිය යතුරුපැදිය සම්බන්ධයෙනුත් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමින්.

කෙසේ වෙතත් ලද අවස්ථාව උපයෝගී කරගෙන යම්කිසි පුද්ගලයකු විසින් එම යතුරු පැදිය ඉන්ධන පෝලිමෙන් ඉවතට රැගෙන පලා යන අයුරු ඒ අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර, මේ දක්වා එම යතුරු පැදිය හමු වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now