අද දවසේ ඔයාගේ අම්මට මල් මිටක් දෙන්න ඔයාට පුළුවන්ද?

Mother's Day
By Piyumika May 12, 2024 12:42 PM GMT
Piyumika

Piyumika

in රචනා
Report

ඔයාට මේ ලෝකයේ දැකලවත් නැති කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන්ද අඩුම තරමින් එයාගේ පෙනුම කොහොමද එයා ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද එහෙම නැත්නම් එයාගේ නහය හරියටම මුහුණ මැද තියෙනවද,ඇස් පේනවද,ඇවිදින්න පුළුවන්ද,බීරිඳ ,අන්ධද කියලවත් දන්නැති කෙනෙක් වෙනුවෙන් ඇගිලි ගැන ගැන ආදරේ පුරෝගෙන බලාගෙන ඉන්න පුළුවන්ද ඒ වගේම එහෙම බලාගෙන හිටපු කෙනා පුදුම කිරීමක් වගෙ ඔයා ලගට එනකොට එයා නිරෝගී හරි රෝගී හරි උස කළු සුදු මිටි මහත මොන විදිහේ කෙනෙක් උනත් ඉස්සර ආදරෙන් බලාගෙන හිටිය කාලෙ වගේම ආදරයක් නොවෙනස් නොඅඩුව දෙන්න පුළුවන්ද .එහෙම අසීමාන්තිකව ආදරය කරන්න පුළුවන් අයත් මේ ලෝකෙ ඉන්නවද?.

ඔව් ඉන්නවා. ඒ මේ ලෝකයේම මවපු කෙනාගේ සුන්දරතම වටිනාම මැවීම අකුරු තුනකට සීමා නොවී ඕනෙම වෙලාවක ඕනම කෙනෙක් විදියට වෙස් මාරු කරගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා. ඒ තමයි "අම්මා".

පදවි,තානාන්තර,පට්ටම් ඕනෙම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් උනත් ඒත් මව් පදවිය කියන එක ලේසියෙන් කෙනෙකුට ලබා ගන්න බැරි දෙයක් ළමයෙක් වදාපු පමණින් ගැහැණියක් අම්මෙක් වෙන්නෙත් නෑ වදන්න බැරි ගෑණු අම්මලා නොවී ඉන්නෙත් නෑ කියලා පැරණි කතාවකුත් තියෙනවානේ.අම්මා කියන වචනය තනිකරම හැඟීම් වලින් පිරිලා ඉතිරිලා හැදුන එකක්.

කුසට දරුවෙක් එන්න පෙරාතුවම ආදරය සෙනෙහස බලාපොරොත්තු හීන පොදි බැඳන් කුසට දරුවෙක් ආවායි කියන දවසේ ඉඳන් ඒ කුඩා ජීවියා නිරූපද්‍රිතව අතට ගන්න කල් මව්වරු මොනතරම් කැප කිරීම් කරනවද.

බිළිඳකුගේ උපතේ සිටම නොනවතින ලෙස තව තවත් කරදර දුක් කම්කටොලු විදිමින් සිටියත් ඇය සතුටින් ජීවිතය ගත කරන්නේ තමාගේ කුසින් බිහි කර පෝශනය කරපු දරුවාට අඩුවක්,අබමල් රේණුවක් තරම්වත් හිරිහැරයක් විපතක් සිදු නොවීමට ඉඩ නොදීය.

මරණින් පසු අපගේ ආත්මයේ ඉවර වෙතැයි පැවසුවත් මවකගේ දාරක සෙනෙහසට ඉමක් කොනක් තියෙද. ඇය ඒ තරමට ස්නේහයක් මෙලොවට ගෙනාවාය.ඊට හොඳම නිදසුන වන්නේ අතීත කතාවක ඇති බිරිඳගේ දොළදුක සංසිඳු වීමටම මවගේ හදවත රැගෙන යමින් සිටියදී පය පැටලී ඇද වැටුණු පුතුගෙන් මිය ගිය මවගේ හදවත "මා පුත ඔබට රිදුනාදැයි විමසූ අවස්ථාවයි.සාහිත්‍යමය රචනාවක් වුවත් එවන් ආදරයක් නොදරයි, නොපවතී යැයි පැවසීමට නොහැකි තරමට මවක් අසාමාන්‍ය වන්නේය.

මාර්තු මස 12 වන දින ලෝකයේ මව්වරුන්ගේ දිනය ලෙස සලකයි. මෙලෙස මාතෘත්වය සැමරීම අද පටන් ගත්තක් නොව ග්‍රීක රෝමන් යුගය දක්වාම එය දිවේ. නූතනයේ මෙම සැමරීමට පූර්වාදර්ශයක් වන්නේ මව්වරුන්ගේ ඉරිදා ලෙස සලකන ක්‍රිස්තියානි උත්සවයයි.

මෙම මව්වරුන්ගේ දිනෙහි සම්භවය පිළිබඳ විමසීමේදී එය 19 වන සියවස දක්වාම දිවෙන්නේ කී.මෙම මව්වරුන්ගේ දිනය ඇත්තෙන්ම ආරම්භ වූයේ ඇමරිකානුවන්ගේ ජීවිත යහපත් කිරීම සඳහා කාන්තා ව්‍යාපාරයක් ලෙසයි.මෙලෙස මව්වරුන්ගේ දිනය නිර්මාණය කිරීමට කාන්තාවන් තිදෙනකුට ගෞරවය හිමිය යුතුයි. ඒ Ann Reeves Jarvis,Julia Ward Howe සහ Ann ගේ දියණිය Anna M. Jarvis ය.

Ann Reeves Jarvis

Mother Jarvis ලෙස හදුන්වන Ann Reeves Jarvis විසින් 1800 ගණන්වල මැද භාගයේදී "මව්වරුන්ගේ දින වැඩ සමාජය" සංවිධානය කළාය.ළදරු මරණ පිළිබඳ විශේෂයෙන් සැළකිළිමත් වූ ඇයට ඒ පිළිබඳ මව්වරුන් දැනුවත් කිරීමට හා උපකාර කිරීමට අවශ්‍ය විය.

Julia Ward Howe

මැය ප්‍රසිද්ධ කිවිඳියක් වන අතරම ප්‍රතිසංස්කරණවාදීයෙක් වුණා. එක්සත් ජනපදයේ සනීපාරක්ෂක කොමිසමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ඇය 1870 දී පමණ "සාමය සඳහා මව්වරුන්ගේ දින ප්‍රකාශය" ලෙස වන පරිදි යුද්ධය කුරිරු කම හා ජීවිත නාස්තිය වැළැක්වීමට මව්වරුන් එක්සත් විය යුතු බව පවසා සිටියා.

Anna M. Jarvis

1905 දි ඇගේ මව වන Ann Reeves Jarvis මියගිය පසුව Anna M. Jarvis මෙනෙවිය තම මවගේ ජීවිතය අනුස්මරණය කිරීමට කැමති වූ අතරම සියලුම මව්වරුන්ට ගෞරව කිරීමට ජාතික දිනයක් සඳහා උද්ඝෝෂණය කිරීමට පටන් ගත් ඇය වරක පවසා සිටියේ,

"ජීවිතයේ සෑම ක්‍ෂේත්‍රයකම ඇය මනුෂ්‍යත්වයට කරන අසමසම සේවාව වෙනුවෙන් ඇයව අනුස්මරණ මව්වරුන්ගේ දිනයක් කවදා හෝ කවුරුන් හෝ සොයාගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, ප්‍රාර්ථනා කරමි" යනුවෙනි. කෙසේ වෙතත් ඇනා විසින් මව්වරුන්ගේ දිනය ආරම්භ කරන ලද අතර එය 1907 මැයි මස 12 දින සිටම තම නැසී ගිය මවට

දේවානුස්මරණයක් සිදුකිරීම ඇය විසින් සිදු කළා එහිදී 1914 දී එක්සත් ජනපදයෙහි ප්‍රෙස්.වුඩ්රෝ විල්සන් එය ජාතික නිවාඩු දිනයක් බවට පත් කළේය.මෙහිදී ජීවත්වන මව්වරු නියෝජනය කිරීමට රතු හෝ රෝස පැහැති කානේශන් හෝ මියගිය මව්වරුන් යෝජනය කිරීමටසුදු කානේශන් පැළඳීමේ චාරිත්‍රයක් සිදුකෙරුණි.

නමුත් මෙම දිනය කාඩ්පත් සෑදීම තෑගි බෝග ලබාදීම සමඟ සම්බන්ධ වීමත් සමඟ එය වාණිජකරණයට ලක් වීම ජාවේස්ගේ දැඩිඅප්‍රසාදයට ලක් වීය.මෙහිදි ඇය විසින් එම නිවාඩු දිනය පවා අහෝසි කිරීමට උත්සාහ ගනු ලැබුවා.

කොහොම වුනත් ලෝකය පුරාවට මව්වරුන්ගේ දිනය ලෙස විශේෂ දිනයක් ඇති අතරම එම දිනයේ විවිධ රටවල්වල විවිධ දිනයන් වල සැමරේ

ඉතියෝපියාවේ මව්වරුන් ඇන්ට්‍රොෂ්ට් සමයේදී සමරනු ලැබේ මෙය සරත් සෘතුවේ මුල් භාගයේ වැසි සමය අවසානයේ පවත්වනු ලබන තෙදින උත්සවයකි.

ජපානයේ, මව්වරුන්ගේ දිනය මුලින් සමරනු ලැබුවේ මාර්තු 6 වන දින - මෙය කොජුන් අධිරාජිනියගේ උපන් දිනය වූ බැවින් - කෙසේ වෙතත්, 1949 දී එය මැයි මාසයේ දෙවන ඉරිදා ලෙස වෙනස් කරන ලදී.

මෙක්සිකෝවේ,මැයි 10 දින සමරනු ලබයි

ඇත්තෙන්ම මවකට ගෞරව දැක්වීමට අපගේ ආදරය ඇය කෙරෙහි ඇති කියලා පෙන්වන්නසැලකිල්ල පෙන්වීමට විශේෂයෙන් අපට දිනයක් අවශ්‍ය වන්නේද

ඕනෙම විපතකදී අප වෙනුවෙන් ප්‍රථමයෙන් දිවි පරදුවට තබා නැගී සිටීමට ඉදිරිපත් වන බවට විශේෂිත දිනයක් අවශ්‍ය නොවූවත් මෙලෙස දිනයක් තිබීම හා සමාජ මාධවල පළ වන ඇතැම්දේ ඇතමුන්ට තමන්ගේ මවක් සිටීම පවා මතක් කර දීමට සමත්වීම පිළිබඳව නම් සතුටට කරුණක්

ඉතින් ඔයාට ඔයාගේඅම්මා වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? මවක්දරුවන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවෙන බව සැබෑ නමුත් දරුවන් ලෙස ඇයටඇය වෙනුවෙන් යම් කාලයක් වැය කිරීමට හැකි නම් එය රටක් රාජ්‍යයක් ලැබුණාටත් වඩා සතුටට පත් කිරීමට කාරණයක් වෙයි

ඉතින් ඔයාට පුළුවන් නම් අද දවසේඔයාගේ අම්මව අගය කරන්න අම්මට ආදරෙයි කියලා එයාගේ මූණේ සතුට බලන්න පුලුවන්නම් අම්මා එක්ක ටිකක් තනි වෙන්නේ එළියට යන්න,එකට කෑම වේලක් ගන්න අතීතයේ දේවල් කතා කරන්න ඔට්ටුයි අම්මා ලඟ ඇති ඔයා ගැන රසබර කතා ගොඩක්. අම්මා එක චිත්‍රපටියක් බලන්නඕනෙ නම් මම චිත්‍රපටි ටිකක් ඔයාට කියන්නම්. අම්මා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන්.

දෙවියන්ට හැම නිවසකම ඉන්න බැරි නිසා අම්මව මැව්ව කියල කියනවනෙ.ඒ වගේම අම්ම කියන්නෙ දෙවෙනි බුදුන් කියලත් කියනව.ඉතින් අද ලෝක මව්වරුන්ගේ දවසේ මම මගේ අම්මට වගේම මේ ලෝකේ හැම අම්මෙක්ටම සුභ මව්වරුන්ගේ දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. 


GalleryGalleryGalleryGalleryGallery