වාහන සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

Sri Lanka
By Aruna Jan 01, 2023 03:45 AM GMT
Report

වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් අද සිට නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ මහතා පැවසුවේ, ඒ අනුව රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි.

මේ අතර වැරදි සිදුකරන රියදුරන්ගේ රියදුරු කුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙල මෙම වසරේ මුල් කාර්තුවේ සිට ආරම්භ කරන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now