බෙහෙත් ගන්න ඇවිත් ඇසිඩ් ගසන බව පවසා, වෛද්‍යවරිය සහ රෝහල් කාර්ය මණ්ඩලය කොල්ල කෑ පුද්ගලයින්
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
මොරගහහේන පොලීසිය සඳහන් කළේ, මොරගහහේන කුඩාඋඩුව පිං බෙහෙත් ශාලාවේ පවත්වාගෙන ගිය රජයේ ආයුර්වේද මධ්‍යස්ථානයට අද දහවල් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු එහි සිටි නගරයේ වෛද්‍යවරිය සහ කාර්ය මණ්ඩලයට මරණ තර්ජනය කර ඔවුන් පළඳා සිටි රන් ආභරණ කොල්ල කා ගොස් ඇති බවයි.
පසුව වෛද්‍යවරියට ඇසිඩ් ගසන බවට තර්ජනය කර අනෙක් කාන්තාවන්ට තියුණු ආයුධයක් තර්ජනය කර ඇති බවට වාර්තා වනවා.
යතුරුපැදි අනතුරක් සිදු වූ බව පවස කොල්ලකරුවන් පැමිණ ඇති අතර පසුව එම කාන්තාවට ප්‍රතිකාර ලබා දීමෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු රෝහලට ඇසිඩ් පෙන්වා තර්ජනය කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
ගෙල බැදි රත්‍රං මාලය කොල්ල කා කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරිය ප්‍රතිකාර කාමරය තුළ සිරකර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |