භයානක මන්කිපොක්ස් ලංකාවටත් ඇවිත් ද..? භයානක අනතුරි ඇගවීමක්..
Sri Lanka
Monkeypox
Monkeypox virus
By Sithumi
මේ වන විට ලොව පුරා රටවල් 12කින් වාර්තා වී ඇති ,මන්කිපොක්ස් , නමැති දුර්ලභ රෝගය විදෙස් සංචාරකයන් හරහා ශ්‍රී ලංකාවට ද පැමිණීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසති .
මෙම රෝගය සම්බන්ධයෙන් පරික්ෂා කර හඳුනාගැනීමේ සියලු පහසුකම් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකක රසායනාගාරයේ පවතින බව එම ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.අදාළ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දැනටමත් ආනයනය කර ඇති අතර එම ද්‍රව්‍ය මෙම සතිය තුළදී සිය ඒකකය වෙත ලැබීමට නියමිත බව ඔහු ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටි .
මේ විට ලොව පුරා රටවල් 12කින් මන්කිපොක්ස් රෝගයට ගොදුරු වුවන් 80කට අධික පිරිසක් හඳුනාගෙන තිබු අතර තවත් එම රෝගය වැළඳුනු බවට සැක කෙරෙන රෝගීන් 50 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබිණි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |