මන්කිපොක්ස් රෝගය මේ වන විට ලොව පුරා පැතිර ගොස් තිබෙනවා.

Monkeypox ‎Monkeypox virus
By Sithumini Aug 22, 2024 10:49 AM GMT
Report

මේ තත්වය හේතුවෙන් ලොව පුරා පුද්ගල මරණ 500ක් පමණ වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ මගින් මෙරටට ඇතුළු විය හැකි එම්පොක්ස් හෙවත් මන්කිපොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි ආවේක්ශණ පද්ධතිය වඩා හොඳින් ශක්තිමත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ පිළිබවද අද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

එමෙන්ම රෝගීන් වාර්තා වුවහොත් ඒ සදහා ප්‍රතිකාර කිරීමටද සූදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ මන්කිපොක්ස් රෝගය හේතුවෙන් පසුගියදා පාකිස්තානයේද ආර්ක්ෂාව තර කර තිබුණා. ඒ මන්කිපොක්ස් බවට සැක කෙරෙන රෝගියෙකු එරටින් වාර්තා වීමත් සමගයි.