මන්කිපොක්ස් හෙවත් වඳුරු උණට ප්‍රතිකාර කරන්නේ මෙහෙමයි..
Monkeypox
Monkeypox virus
By krishani
වඳුරු උණ රෝගය මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම පාලනය කරගැනීමට හැකි තත්ත්වයක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් වෙනුවට රෝග ලක්ෂණවලට ප්‍රතිකාර දීම සිදුකෙරෙන බව ඒ මහතා පවසයි.
ඒ මහතාගේ ප්‍රකාශය පහතින්,
"මේක හැදුනාම ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම මේක පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.ඊට අමතරව බොහෝවිට නිශ්චිත ප්‍රතිකාරයකට වඩා තියෙන්නේ රෝගියාට ඇතිවන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමක් තමයි සිද්ධවෙන්නේ.බොහොම වගකීමකින් කියන්නට පුළුවන් මේ පුද්ගලයා හරහා අපේ ප්‍රජාවට බෝවීමේ කිසිම ඉඩකඩක් දැනට තියෙන තත්ත්වය අනුව කිසිම අවකාශයක් නෑ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |