මන්කි පොක්ස් වැඩි අවධානමක් තියෙන්නෙ මේ සම්බන්ධතා ඇති අයටලු..දැන්ම සබඳතා නතර කරන්න..
මන්කි පොක්ස් රෝගය සීඝ්‍ර වශයෙන් බෝවීම සිදු වන්නේ පිරිමි සම ලිංගික සම්බන්දතා පවත්වන අය අතර බවට සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ඊයේ(09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ චින්තන පෙරේරා මහතා ප්‍රකාශ කළේ, ලොව මන්කි පොක්ස් වැලඳුන රෝගීන් විසිපන්දහසක් අතුරින් කළ සමීක්ෂණයකදී තහවුරු වී ඇති බවයි.
එසේම කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින්ට මෙම මන්කි පොක්ස් රෝගය වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් රෝගීන් හතළිස්පන්දහසක් ගත් විට ඉන් සියයට අනූහතක්ම (97%) පිරිමි පුද්ගලයන් බවටද හඳුනාගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වනතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම මන්කි පොක්ස් රෝගය සඳහා කිසිදු එන්නතක් භාවිත කළ යුතු බවට පවසා නොමැති බවත් මේ සම්බන්ධව අනියත බියක් ඇති නොකර ගතයුතු බවත් දැනුම් දී ඇත.
එසේම පසුගිය තුන්වැනිදා මන්කි පොක්ස් වැලඳුනු ශ්‍රී ලාංකිකයකු මෙරටින් හමුවූ අතර මෙම තරුණයා පසුගිය පළමුවැනිදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇත.
මේවනවිට මන්කි පොක්ස් රෝගය රටවල් 109 ක ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
දැනට ලෝකය පුරා රෝගීන් හැත්තෑඅටදහසක් (78000) ක් සොයාගෙන ඇත.
මෙම පිරිස අතුරින් මියගිය සංඛ්‍යාව පහකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |