මෙරටින් දෙවන මංකිපොක්ස් ආසාදිතයත් හඳුනා ගැනේ..!

Sri Lanka Monkeypox ‎Monkeypox virus
By Sewvandhi Nov 09, 2022 10:04 AM GMT
Report

අද දිනයේ මෙරටින් දෙවන මංකිපොක්ස් ආසාදිතයා හඳුනාගත් බව  සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ඔහු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවයි අමාත්‍යංශයේ දැනුම් දෙන්නේ.

මේ අතර, වඳුරු උණ රෝගය මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම පාලනය කරගැනීමට හැකි තත්ත්වයක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් වෙනුවට රෝග ලක්ෂණවලට ප්‍රතිකාර දීම සිදුකෙරෙන බව ඒ මහතා පවසයි. ඒ මහතාගේ ප්‍රකාශය පහතින්,

"මේක හැදුනාම ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම මේක පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.ඊට අමතරව බොහෝවිට නිශ්චිත ප්‍රතිකාරයකට වඩා තියෙන්නේ රෝගියාට ඇතිවන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමක් තමයි සිද්ධවෙන්නේ.බොහොම වගකීමකින් කියන්නට පුළුවන් මේ පුද්ගලයා හරහා අපේ ප්‍රජාවට බෝවීමේ කිසිම ඉඩකඩක් දැනට තියෙන තත්ත්වය අනුව කිසිම අවකාශයක් නෑ."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now