රිලා කරදරය ඉවසා ගත නොහැකි තැන කාන්තාවන් පිරිසක් සිදු කළ දේ..
Sri Lanka
By krishani
රිළවුන්ගෙන් ජනතාවට එල්ලවන පීඩාවන් මේ වනවිට ඉහළ ගොස් ඇත.
ඒ බව පවසමින් ගල්කිරියාගම - පලාගල - මාරසිංහ - හල්මිල්ලවැව ගම්මානයේ කාන්තාවක් පිරිසක් ඊයේ (09) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර ඒ ගල්කිරියාගම වන සත්ව අඩවි කාර්යාලයටය.
එහි පැමිණි කාන්තාවන් තම පීඩා පිළිබඳ තොරතුරු ඇතුළත් මහජන පෙත්සමක් නිලධාරීන්ට භාර දෙන ලදී.
කෙසේවෙතත් ගම්මානයට මේ දිනවල පැමිණෙන රිළවුන් රංචුවක් තම දෛනික කටයුතුවලට බාධා කිරීම මෙන්ම ගෙවතු වගාවලට ද හානි කරමින් සිටින බව ඔවුන් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |