චීනයට යන්න වීසා ලැබුණු රිලවුන් ගැන සැකයක්..? චීනය රිලවුන් ඉල්ලන්නේ ඇයි..?

Sri Lanka China
By Sewvandhi Apr 13, 2023 01:58 AM GMT
Report

ඊයේ(12) දිනයේදී පරිසවේදී සංවිධානයක් මෙරටින් රිළවුන් ලක්ෂයක් චීනයට රැගෙනයෑමේ සූදානම ගැන අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ,

"යම්කිසි සත්ත්වයෙක් යවන්න පුළුවන් සංරක්ෂක කටයුත්තක් සඳහා හෝ සත්ත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණයි."

"ඒ නිසා මාංශ සඳහා භාවිත කිරීම හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ත්ව කොටසක් ලංකාවෙන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි කටයුත්තක්."

"චීනය ලංකාවේ රිළවුන්ව ඉල්ලනවා නම් කුමක් සඳහා කොපමණ සංඛ්‍යාවක් ද ඉල්ලන්නේ කියලා පැහැදිලි විස්තරයක් අපේ බලධාරීන් සතුව තිබෙන්න ඕනේ." 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now