සෞදි රජුගෙන් ආරාධනයක්..!

Saudi Arabia Iran
By Sewvandhi Mar 20, 2023 12:59 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

තම රටේ සංචාරයකට එක්වන්නැයි මොහොමඩ් බින් සල්මාන් අල් සෞදි රජු ඉරාන ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා.

දෙරට අතර සංහිඳියාව වැඩිදියුණු කර ගැනීම සඳහා ලිපියක් යොමුකරමිනුයි ඔහු මෙම ආරාධනය සිදු කර ඇත්තේ. 

 ටෙහෙරානයේ පිහිටි සෞදි තානාපති කාර්යාලයට 2016 වසරේ ජනවාරි මාසයේ විරෝධතාකරුවන් කඩාවැඳීමත් සමඟ දෙරට අතර සබඳතා බිඳ වැටුණා.

එම සබඳතා වසර හතකට පසු යළි ගොඩනඟා ගැනීම සඳහා චීනය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. 


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now