මියුරු හඬින් තරුණ හදවත් කොනිත්තන ද වොයිස් හරහා ජනප්‍රිය වුණු මියුරු
සශිකා සමග කරපු මේ ගින්දර ගීතයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට කාලෙන් කාලෙට අලුත් තරු බිහි වෙනවා.
අන්න ඒ වගේ තරු හදන තැනක් තමයි සිරස ටීවී කියන්නේ. මේ දවස්වල සිරසේ විකාශනය වන ද වොයිස් ශ්‍රී ලංකා තරගය කාගෙත් අවධානයට ලක් වෙලා තියෙනවා. අන්න ඒ විදිහට ද වොයිස් ශ්‍රී ලංකා පළමු අදියර හරහා ප්‍රේක්‍ෂකයින් අතරට ආපු තරුණයෙක් මේ දවස්වල කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි.
කෝච් සශිකාගේ කණ්ඩායමෙන් අවසන් වටය නියෝජනය කරපු මියුරු සෝමරත්න. මියුරුට එදා අවසන් තරගය ජයග්‍රහණය කරන්න බරි වුණත්” අද ඔහු රටක් ලෝකයක් දිනාගන්න සමත්වෙලා තියෙනවා.
ඒ ඔහු සශිකා නිසංසලා සමග ගායනා කරන අලුත්ම ගීතය “මේ ගින්දර” ගීතය නිසා. ඒ නිසා අපි හිතුවා අද මියුරු එක්ක ටිකක් කතා කරන්න. මියුරු හඬින් තරුණ හදවත් කොනිත්තන මියුරු ඉතින් මියුරු කොහොම ද ජීවිතේ? ඇත්තට ම කිව්වොත් මේ දවස්වල කවදාවත් නැති විදිහට කාර්යබහුලයි. මොදක අප්‍රේල් මාසෙත් එක්ක ප්‍රසංග රැසකට ආරාධනා ලැබිල තියෙනවා.
ඒවාට සම්බන්ධ වෙනවා වගේම” මේ ගින්දර ගීතයත් එක්ක ගොඩක් අය කතාබහ කරනවා සහ ඒ ප්‍රතිචාරත් එක්ක සතුටින් ඉන්නවා. මියුරු කවුද කියල අපිට කියන්නකෝ බලන්න? මම ගොඩක් සාමාන්‍ය විදිහට ජීවත්වෙන සරල කොල්ලෙක්. සංගීතය සහ කටහඬ කියන්නෙ මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් විදිහට තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් මියුරු කියන්නෙ සංගීතය ජීවිතය කරගත්තු හැමෝට ම ආදරය කරන ළෙන්ගතු චරිතයක්. වැස්ස දවසක කවදා ද එළියට දාන්නෙ?
මේ ගින්දර සින්දුවෙන් පස්සේ කරපු අලුත්ම නිර්මාණය තව ටික දවසකින් මගේ ප්‍රේක්ෂකයන්ට අහන්න දකින්න ලැබෙයි. සින්දුව නම්කරල තියෙන්නෙ වැස්ස දවසක කියලා. රසික ලංකා විසින් පදරචනා කරපු” උදාර අබේවික්‍රම සංගීතවත් කරපු ලස්සන ගීතයක් ඒක. මේ මම කරන සෝලෝ එකක්. මෙහි මියුසික් වීඩියෝ එකට ශ්‍යාම් ප්‍රනාන්දු අයියා සහ උමා අසේනි අක්කා සම්බන්ධ වුණා. ඒ නිර්මාණයත් ප්‍රේක්ෂකයින්ට වෙනස්ම අත්දැකීමක් වෙයි. මියුරු හඬින් තරුණ හදවත් කොනිත්තන මියුරු මේ ගින්දර ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද? ඇත්තට ම හිතාගන්නවත් බැරි තරමේ ප්‍රතිචාර ලැබුණා සහ ලැබෙමින් පවතිනවා.
ඇය කවදත් මට මගේ සංගීත ජීවිතේ අමතක නොවන සෙවණැල්ලක්. ඇයි තරුණ තරුණියන් මියුරුගේ හඬට මේ තරම් ආදරය කරන්නේ? ඒ කාරණාව මටත් දැනෙනවා. මම හිතන්නේ මගේ ඇතුළේ ඉන්න සරල මනුස්සයාට තමයි ඒ ආදරේ ලැබෙන්නේ. සමහරු කියනවා මගේ හඬ ඇතුළේ එයාලගේ ජීවිතේ තියනවා කියලා. තවත් කෙනෙක්ගේ ආත්මය සුවපත් කරන කටහඬක් හිමිවීම ගැන මට ගොඩක් සතුටුයි.
සංගීතය කියන්නේ වෙනස් විදිහක භාවනාවක්. ඒ ඇතුළෙ සමාධිගත වුණාම මිනිස්සු ලෝබ හිතෙන්න ආදරේ කරනවා. ප්‍රේක්ෂකයින්ගේ ආදරේ තරම් දෙයක් මට තවත් නැහැ. පවුලේ විස්තර ටිකක් කියමු බලන්න මගේ පවුලේ අම්මයි” තාත්තයි” අයියයි” මල්ලියි” නංගියි තමයි ඉන්නේ. දැන් මම විවාහකයි.
ඒ ආදරේ මට ලැබුණේ විශ්වවිද්‍යාලයෙන්. හැමදේට ම දැන් මගේ පස්සෙන් ඉන්නෙ ඇය තමයි. සමහර දවස්වලට එළිවෙනකල් මගෙත් එක්ක ප්‍රසංගවලට යන්න එන්නෙත් ඇය. සංගීත කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කියල නිම කරන්න බැහැ. වොයිස් ශ්‍රී ලංකා තරඟයේ අත්දැකීම් මොන වගේ ද?
ද වොයිස් ශ්‍රී ලංකා කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වගේම ලොකු අත්දැකීමක් ලබාපු තරගයක්. විශ්වවිද්‍යාල කාලේ ඉඳන් මම තීරණය කරලයි තිබුණේ කිසිම රියැලිටි තරගයකට යන්නෙ නැහැ කියලා. නමුත් වොයිස් කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වැඩසටහනක්. ඒ තිබුණු පිළිගැනීම නිසා ම ගොඩක් අය මට කීවා මේ සඳහා ඉදිරිපත් වෙන්න කියලා
වොයිස් තරගයේ තිබෙන සංගීතය” ලයිටින්ග් මේ දේවල් වෙන තැනකින් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒක මාරම මාර අත්දැකීමක්. මියුරුගේ යාළුවා ගැන කතා නොකළොත් ඒක අඩුවක් නේද? ඒ යාළුකම තවමත් එහෙමමයි. ඒක කවදාවත් වෙනස්වෙන බැඳීමක් නෙවෙයි. තිලිණ කියන්නේ මට සහෝදරයෙක් වගේ. සමහරු කියනවා අපි වොයිස් වේදිකාව තුළ මවාපෑමක් කළා කියලා. ඇත්තට ම එහෙම දෙයක් කළේ නැහැ. සංගීත ප්‍රසංගවලදිත් අපි දෙන්නට ම එකට ආරාධනා ලැබෙනවා. වේදිකාව උඩ සිදුවුණු සෑම දෙයක්ම ස්වභාවිකව ම සිදුවුණු දේවල්.
මමයි තිලිණයි කරපු වැඩක් ළඟදීම ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙයි. මොනව ද ඉදිරියට එන්න තියෙන නිර්මාණ? අලුත්ම ගීත කිහිපයක වැඩකටයුතු කරගෙන යනවා. හැබැයි කිසිම දෙයක් කලබලේ කරන්න මගේ සූදානමක් නැහැ. ඒ වගේම එළැඹෙන මැයි 13 වැනිදා රසික ඩී දුමින්දයන් සංවිධානය කරන ප්‍රසංගයක් සවස 2.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙනවා. ප්‍රේක්ෂකයින්ට පුළුවන් ඒක නරඹන්න එන්න. ඒක ඔබට වෙනස්ම අත්දැකීමක් වෙයි. ඒ අතරෙම ඉගෙන ගත්තු විෂය මම මගේ ඇකඩමි එක හරහා සිසුන්ට බෙදලා දෙනවා. මියුරු සෝමරත්න වෝකල් ඇකඩමි එකටත් ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. අමිල නුවන් මධුසංඛ