අතුරුදන් තරුණිය සෙවීමට පොලීසිය මහජන සහය පතයි - ඡායාරූප සහිතයි (PHOTOS)
Sri Lanka Police
Kegalle
Sri Lanka
By Sewvandhi
ජනවාරි 18 වන දින සිට මාවනැල්ල පොලිස් වසමේ ලෙව්කේ උස්සාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදහන් වී ඇති බවට ඇයගේ ඥාතියෙකු විසින් මාවනැල්ල පොලිස් ස්ථානයට කරලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ කාන්තාව වයස අවුරුදු 28 ක් වන ලෙව්කේ උස්සාපිටිය පෙදෙසේ පදිංචි සවිත්‍රා ගීතාංජලිය ජයරත්න යන අයයි.
ඇය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බැවින් කාන්තාව සොයා ගැනීම සඳහා මාවනැල්ල පොලිසිය මහජන සහය පතනවා.
ඇය පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දුරකථන අංකයන් මාවනැල්ල පොලිසිය - 035- 2247222
ස්ථානාධිපති මාවනැල්ල - 071- 8591418
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
