පාසල් සිසුන්ගේ දිවා ආහාරය වෙනුවෙන් ගත් තීරණය..
Ministry of Education
Sri Lanka
By krishani
අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශය මඟින් ක්‍රියාත්මක කරන තෝරාගත් පාසල් සිසුන් සඳහා දිවා ආහාර ලබා දිමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලක් සඳහා සිසුවෙකුට මෙතෙක් වෙන් කළ මුදල ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
2022.08.01 දින සිට එය ඉහළ නැංවීමටයි තීරණය කර ඇති අතර රුපියල් 30ක මුදලක් දැනට සිසුවෙකුට ලබාදෙන අතර එය රුපියල් 60 දක්වා වැඩිකර ඇති බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.
මේ වන විට පාසල් 7920ක සිසුන් මිලියන 1.1ක් මෙම ප්‍රතිලාභ ලබමින් සිටිනවා.