නව ජනපති ආරක්ෂක මූලස්ථානයට

Ranil Wickremesinghe Sri Lanka Ministry of Defense Sri Lanka
By Sithumi Jul 21, 2022 01:11 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ තිබෙනවා.

ඒ අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ලෙසට දිවුරුම් දීමෙන් අනතුරුවයි. ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් පිළිගනු ලැබුවා.

ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් රාජ්‍ය ආයතනයක් වෙත පැමිණ අවස්ථාව මෙය වන අතර එහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා.

අමාත්‍ය ටිරාල් අලස්, නීතිපතිවරයා, ජනාධිපති ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සහ අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now