"..කවුරු ආවත්, කොයි පක්ෂයෙන් ආවත් කටුගාන්න සූදානම් වෙන්න ජනතාවනි.." හිමිනමකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..
අද (1) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පළාත් පාලන මැතිවරණය ගැන විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
එහිදී උන්වහන්සේ සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු බවත්, කිසිදු ප්‍රයෝජනයක් නොමැති පළාත් පාලන ආයතනවලට එරෙහිව නඩු පැවරිය යුතු බවත්ය.
"ප්‍රාදේශීය සභා මොකටද අපිට ? ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් හම්බවෙනවාද අපිට ? මුදල් හමුබවෙන්නේ නැහැ. ඒ හින්දා මුලු සමස්ත රටම ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බොක් කවුරු ආවත්, කොයි පක්ෂයෙන් ආවත් කටුගාන්න සූදානම් වෙන්න ජනතාවනි.
තවත් අවුරුදු 5කට දෙනවා කියන්නේ මකොල්ලකාරයෝනේ මේ. සමස්ත රටේම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව දක්වා සම්පූර්ණ ලයිසන් ගත්තු මංකොල්ලකාරයෝ. ඒ හින්දා අපිට ඒවා වැඩක් නැහැ. තියෙනවානම් මහමැතිවරණයක් තියන්න. ඊයේ පෙරේදා මම දැක්කා අපි සබ්රි මහත්තයා ගිහිල්ලා ආවනේ අමෙරිකාවේ. ඒ වෙලාවෙත් කිව්වානේ ඔයාලගේ ජනමතය හරි තැනක නැහැ ස්ථාවරයක් නැහැ රට තුළ.
මේ සම්පූර්ණ ජනමතයක් තියෙන තැනකට ගෙන එන්න අපි එතකොට මුදල් දෙන්නම් කියලා. නැත්නම් මේ කපේට ප්‍රාදේශීය සභා තිබ්බාට හම්බවෙන්නේ නැහැ. අනිත් එක දේශපාලන පක්ෂනේ මේ ප්‍රාදේශීය සභාවක් ඉල්ලන්නේ. මොකටද ප්‍රාදේශීය සභා ? ජනාධිපතිවරණයකුයි, මහමැතිවරණයකුයි ප්‍රමාණවත් මේ රටට. තවත් අවුරුදු 5කට මොකද මේ ප්‍රාදේශීය සභාව තවත් හොරු රැළකට දෙන්නේ ?
ආසන්නම සිද්ධිය තමයි බෙලිඅත්තේ සභාපති ගමට බෙදන්න බට ගෙනාවා. ඒ බට ටික හොරකම්කරලා දැන් මිනිහා හිරේ ගියා. එතකොට තව හොරු කණ්ඩායමකට දෙන්ඩ කියන්නේ තවත්. පළාත් පාලන ආයතනවලට විරුද්ධව නඩු දානවා අපි. කරලා තියෙන මේ විනාශයට. විවිධ පාටවලින් විවිධ පක්ෂවලින් එයි. ඉතින් ජනතාව කැමති නැහැ. ඇත්තටම අපි කැමති නැහැ කාටවත්.
තමුන්නාන්සේලා ගැන විශ්වාසයක් තියෙලනේ එහෙම ඡන්දය දීලා ජයවේවා කියලා රජ කෙරෙව්වේ. රජ කෙරුව නමුත් ඔබතුමාලා රජ වුණා අපි බලු වුණානේ අපිට කවුරුවත් නැති වුණානේ. අපි අන්ත අසරණ දුප්පත් තත්ත්වයට පත් වුණානේ. ඉතින් මේක අද ජනවාරි පළවෙනිදාම කියන්න වුණ එක ගැන මම කණගාටුවෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |