මිහින්තලේ චූඩා මාණික්‍යයට ආරක්ෂාව නැද්ද? ධම්මරතන හිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Sri Lanka Police Law and Order Buddhism Latest Headlines Sinhala news
By R.rishma Oct 16, 2026 09:07 AM GMT
Report

මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මිහින්තලා මිහිඳු මහා සෑය සඳහා තායිලන්තයෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු, චූඩා මාණික්‍යය සහ කොත් කැරැල්ලට නියමිත ලෙස පොලිස් ආරක්ෂාව ලබාදී නොමැති බව සඳහන් කරයි.

ඒ අනුව අද (16) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පවසා ඇත. 

එහිදී මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අවධාරණය කර ඇත්තේ ආරක්ෂාව නොමැතිවීම නිසා තමන් වහන්සේට චූඩා මාණික්‍යය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පවා සිදු වූ බවයි.

තවදුරටත් උන්වහන්සේ කියා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සිදුකරන මෙම පූජනීය කටයුත්ත වෙනුවෙන් ආරක්ෂාව ඉල්ලා සිටියද, අදාළ නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.