අතීතය මතක් කරමින් චීනයෙන් ලංකාවට විශේෂ පණිවිඩයක්..!

Sri Lanka Chinese Embassy in Sri Lanka China
By Sewvandhi Apr 29, 2023 09:12 AM GMT
Report

මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා සඳහන් කළේ, ආර්ථික අර්බුදයෙන් ගොඩඑමින් සිටින ශ්‍රී ලංකාවට ඉදිරියේදීත් චීනයේ සහාය අඛණ්ඩව හිමිවන බවයි.

 ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (28) මහනුවර ශ්‍රී චන්දානන්ද විද්‍යාලයේ  පැවති වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"වසර 30කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකික ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්වුණා. ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද සටනේ චීනය විසින් ශ්‍රී ලංකාවට විශාල ශක්තියක් වී ඊට අවශ්‍ය සහාය යුද බිමේදී ලබාදෙනු ලැබුවා."

"එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා අභිමානය සුරැකීමට චීනය ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා. යුද්ධයෙන් පසුව සිදුකරන ලද සංවර්ධනය වෙනුවෙන් චීනය විශාල ලෙස ආධාර ලබාදීමක් සිදුකරනු ලැබුවා."

"මෙරට ආර්ථික වශයෙන් හා සමාජයීය වශයෙන් සංවර්ධනය උදෙසා වන අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන්තොටුපොළ මෙන් යටිතල පහසුකම් සංවර්ධනයට ද චීනය සහාය ලබාදෙනු ලැබුවා."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now