ඉරාන රජයෙන් ශ්‍රි ලංකාවට වටිනා පරිත්‍යාගයක්.
ඇමරිකානු ඩොලර් මිලියන 1.8 කට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඉරාන ජනරජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දී තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ය.
ඉරාන තානාපති හෂිම් අෂිද් විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම අමාත්‍යාංශයේ දී භාරදීම සිදු විය.
මෙම පරිත්‍යාගය යටතේ පිළිකා, හෘද රෝග, සමේ රෝග, වෛරස් ආසාදන, අධි රුධිර පීඩනය, පාකින්සන්ස් ආදී බොහොමයක් රෝග සඳහා වන ඖෂධ ඇතුළත් වේ.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක මෙවැනි අත්‍යවශ්‍ය ඖෂධ රැසක් එකවර ලැබීම විශාල සහනයක් බවත් ඒ වෙනුවෙන් ඉරාන ජනතාව ඇතුළු ඉරාන ජනරජයට ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් මහත් සේ ස්තුතිවන්ත වන බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |