"..හැකිතාක් ආරක්ෂා වෙන්න - බෙහෙත් නෑ.." භයානක අනතුරු ඇඟවීමක්..!

Sri Lanka Economic Crisis GMOA Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 27, 2022 01:24 PM GMT
Report

පවතින ඖෂධ හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ජනතාව මෙම කාලයේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අවස්ථාවේදී රටේ පවතින ඖෂධ තොග ප්‍රමාණවත් නොවන අතර, තිබෙන ඖෂධ තොග අඩුවෙමින් පවතින බවත් ඒ නිසා මේ අවස්ථාවේදී හැකිතාක් ආරක්‍ෂාකාරීවිම වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසන්න කොළඹගේ මහතා පැවසීය.

රාජකාරී කටයුතු, නිවසේ කටයුතු, ආදියේදී අනතුරක් වුවහොත් රෝගියාට ප්‍රවාහන පහසුකම් සපයාගැනීම මෙන්ම වෛද්‍යවරුන් හා අනෙක් රෝහල් කාර්ය මණ්ඩලයටත් ප්‍රවාහන පහසුකම් සපයාගැනීම ද දුෂ්කර බැවින් දැඩි ගැටලුකාරී තත්වයක් ඇතිවිය හැකි බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ දී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. විවිධ රෝගයන්ගෙන් පෙළෙන අය තමන් සතු ඖෂධ ප්‍රවේශම් කරගැනීම මෙන්ම දරුවන් ඉතා හොඳින් රැකබලාගැනීම මේ කාලයේ දී ඉතා වැදගත් බව ද හෙතෙම කීවේය. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now