මයන්ත දිසානායක ඉල්ලා අස්වෙයි..!
Sri Lanka
Samagi Jana Balawegaya
Harsha de Silva
By Sewvandhi
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා දැනුම්දෙන්නේ මයන්ත දිසානායක මහතා තමාට ඒ බව දැනුම්දුන් බවය.
පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් එම තනතුර අහෝසිවීමත් සමග රාජ්‍ය මුදල් කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාව පත් කරගෙන තිබුණි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම අදාළ තනතුර සඳහා විපක්ෂය නම් කර තිබියදී ආණ්ඩු පක්ෂය විපක්ෂයේම මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර සම්මත කර ගත් බව එහිදී වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |