හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් - පොලීසියෙන් විශේෂ නිවේදනයක්..! අවහිරවන මාර්ග සියල්ල මෙන්න..

Nihal Talduwa Colombo Sri Lankan protests May Day
By Sewvandhi Apr 30, 2022 03:34 PM GMT
Report

ලෝක කම්කරු දිනය හේතුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි හමුවේ කොළඹ නගරය අවට හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුලු නිලධාරීන්ට මේවන විට ත් නියෝග ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

එමෙන්ම කොළඹ නගරයේ සහ නුගේගොඩ පැවැත්වෙන පෙළපාලි හා රැස්වීම් පිළිබඳ අවධානය යොමු කර ඇති අතර නියමිත රාජකාරී ආවරණය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery