පක්ෂ රැසක මැයි දින පෙළපාලි ඇරඹේ..(VIDEO)

Sri Lankan protests May Day Sri Lanka
By Sewvandhi May 01, 2023 10:24 AM GMT
Report

සමගි ජන බලවේගය සංවිධාන කළ සමගි මැයි රැලියට සමගාමීව පැවැත්වෙන එම පක්ෂයේ පා ගමන මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය අසලින් මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණි.

මෙවර එම පක්ෂයේ තේමාව වී ඇත්තේ "වැඩබිමෙන් ඇරඹෙන - මව්බිමේ අරගලය" යන්නයි.

එළෙස ආරම්භ වූ පා ගමනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වූයේ මරදාන එල්ෆින්ස්ටන් රඟහල ආසන්නයේදීය. එම පක්ෂයේ මැයි දින රැලිය ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට නියමිතය. 

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ආරම්භ කර තිබේ. මෙවර එම පක්ෂයේ මැයි රැලිය පවත්වන්නේ මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිටදීය.

එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර කොළඹ BRC පිටියෙන් ආරම්භ වුණි.

ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින රැලිය කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය. එම මැයි දින පෙළපාලිය කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඉදිරිපිටට පැමිණීමට නියමිතය.

අනතුරුව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒම ස්ථානයේදී මැයි රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now