අද සිට ශ්‍රි පාද මාර්ගයේ පයින් යාමත් තහනම්
මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක් වූ මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය තවදුරටත් නායයාමට සක්‍රිය වි ඇති බැවින් එම මාර්ගය තවදුරටත් වසා දැමිමට අද (16) පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් පවසනවා.
එම මාර්ගයේ නල්ලතන්නිය මොහිණි ඇල්ලට සහ මවුස්සාකැලේ ජලාශයට ශ්‍රි පාද රක්ෂිතයේ සිට ජලය ගලා බසිනා සීත ගගුලට ඉහළින් අක්කර භාගයක පමණ භුමි ප්‍රමාණයක් මේ වන විට නායගොස් ප්‍රධාන මාර්ගයේ කොටසක් ද සීත ගඟුල දෙසට ගිලා බැස තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භු විද්‍යාඥයින් පිරිසක් අද (16) දින නායයාමට ලක් වූ ස්ථානය පරික්ෂා කළ අතරල එම විද්‍යාඥයින් පිරිස ලබාදුන් නිර්දේශ මත එම මාර්ගය තවදුරටත් වසා දැමිමට පියවර ගත් බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටින්නේ. පවත්නා තත්ත්වය මත කිසිදු මගියෙකුට පයින් ගමන් කිරිමට පවා අවධානම් බවත්, පවතින අවධානම හේතුවෙන් එම ස්ථානයේ දිවා රාත්‍රි දෙකේ නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් රාජකාරියේ යොදවා ඇති බව ද සහකාර අධ්‍යක්ෂකවරයා පවසනවා.
2022-2023 ශ්‍රි පාද වන්දනා වාරය මේ වසරේ උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කිරිමට නියමිත අතර, වන්දනා වාරය ආරම්භ කිරිමට ප්‍රථම පතල් සහ භු විද්‍යා කාර්යංශයේ භු විද්‍යාඥයින්ගේ නිර්දේශ මත එම මාර්ගයේ නායයාගිය ස්ථානය මගහැර වෙනත් ස්ථානයකින් මාර්ගය අලුතින් කැපිමට පියවර ගන්නා බවයි නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරු රංග දේවප්‍රිය ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |