විවාහ වි සිටින ඔබ හා විවාහ විමට බලාපොරත්තුවෙන් සිටින ඔබ විවාහය ලියාපදිංචි විය යුත්තේ කෙසේදැයි හරියටම දැන ගන්න..
විවාහය යනු මනුෂ්‍ය ජීවිතයේ ප්‍රබල සන්දිස්ථානයක් කීම වරදක් නොවේ. වෙනත් වූ පවුල් සංස්ථාවක රැකවරණය ලබමින් පෝෂනය වන විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක් නව පවුල් සංස්ථාවක් ඇරඹීම විවාහයෙන් සිදුවේ. සැබවින්ම ජීවිතයේ නව පිටුවකි.විවාහ ජීවිතයට එලඹෙන දෙදෙනා පරිත්‍යාගශීලි ලෙස කටයුතු කිරීම තුළින් සමබර සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකිවෙනවා. අතීතයේ අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම්ව සිදුවූ විවාහය අද ඇතැම් විට කොල කෑල්ලකට පමණක් සීමා වී ඇති බවක් ඇතැම් සිදුවීම් හරහා පේනවා. ඒ වගේම ඔබේ විවාහය කුමන ආකාරයකින් සිදු කිරිමට යනවාද යන්න වැදගත් ඒ ඒ පුදේශ අනුව ඒ ඒ පලාත් අනුව විවාහ ලියාපදිංචි ක්‍රම සිදුවන්නේ විවිධ අයුරෙනි එනම්
- සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරිම
- උඩරට විවාහ ලියාපදිංචි කිරිම
- දේව ගැතිවරයෙක් යටතේ විවාහ ලියාපදිංචි කිරිම
- විදේශිය විවාහ ලියාපදිංචි කිරිම
සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරිම
පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියළු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.
විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
- දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
- කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
- සාමදාන විනිශ්චයකරුවකු
- ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
- දේවගැතිතුමකු
විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
- ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
උඩරට විවාහ ලියාපදිංචි කිරිම
උඩරට නීතියට යටත් පුද්ගලයන් අතරේ සිදු කෙරෙන විවාහයකි.
උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ
- මධ්‍යම පළාත
- උතුරු මැද පළාත
- ඌව පළාත
- සබරගමු පළාත
- උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ
- නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව
- වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව
විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
දැන්වීම් සහතික කිරීමට කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්හට බලය ඇත.
විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
-
ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
උඩරට විවාහ ලියාපදිංචි කිරීම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා හැකියාව ඇත.
කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
දේව ගැතිවරයෙක් යටතේ විවාහ ලියාපදිංචි කිරිම
ක්‍රිස්තියානි බැතිමතුන්ගේ විවාහ ස්වකීය දේවස්ථාන තුළදී සිදු කරවා ගැනීමට ඉඩ සලසා තිබේ.
විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න.
දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය
- කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්
- සාමදාන විනිශ්චයකරුවකු
- ප්‍රසිද්ධ නොතාරිස්වරයකු
- දේවගැතිතුමකු
විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා
- පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම
- විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුල ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.
- පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම
- ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව
-
ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව
රෙජිස්ට්‍රාර් හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්රාර්ගෙන් “ලේකම්තැනගේ සහතික පත්‍රය” ලබා ගන්න.
එම ලේකම්තැනගේ සහතික පත්‍රය විවාහය ලියාපදිංචි කරවා ගත යුතු දේවස්ථානයේ දේවගැතිවරයා වෙත ඉදිරිපත් කරන්න.
ඒ සමඟ අවලංගු නොකළ රු. 25.00 ක මුද්දර ද සපයන්න.
විදේශිය විවාහ ලියාපදිංචි කිරිම
ඉදිරිපත් කළ යුතු ලියවිලි
- විවාහ දැන්වීම
- ශ්‍රී ලංකාවට ඇතුලු වීමට අවශ්‍ය වීසා වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්
- තම රටේ බලයලත් ආයතනයකින් නිකුත් කරන ලද සිවිල් තත්ත්වය සනාථ කිරීමේ මුල් පිටපත හා දික්කසාද/ වැන්දඹු අය සම්බන්ධයෙන් ඒ බව සනාථ කෙරෙන නෛතික ලියවිලි
-
රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන අවසර පත්‍රය
මේ සඳහා අදාල විදේශිය පාර්ශවය විසින් මාස 6 ක් ඇතුලත තම රටේ ආරක්ෂක අංශ බලධාරින් වෙතින් ලබා ගන්නා ලද වරදකට වරදකරුවකු නොවන බවට වන සහතිකයේ මුල් පිටපත තම දේශිය පාර්ශවකරු හෝ දේශිය පාර්ශවකරුගේ නියෝජිතයෙකු මගින් මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සිවිල් ලියාපදිංචි කිරීමේ අංශයට ලැබෙන සේ අතිින් හෝ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය. එකී සහතිකය මත පදනම්ව රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් විවාහය ලියාපදිංචි කිරීම සඳහා අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
- විදේශිය ජාතිකයාගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් (Health Declaration)
- උප්පැන්න සහතිකය (උපන් දිනය සනාථ කරගැනීමට අවශ්‍ය වුවහොත් පමණක්) හා එහි ඡායා පිටපතක්
ඉහත ලේඛන විවාහ දැන්වීම භාරදීමේ දී අදාල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුය.
මේ සම්බන්ධයෙන් වන අංක 18/2021 හා 2021/10/18 දිනැති චක්‍රලේඛය 2022/01/01 වන දින දිට ක්‍රියාත්මක වේ
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |