"..ඉතිහාසයේ දැවැන්තම වර්ජනය මාර්තු 01.." වෘත්තිය සමීති රැසක් එක්ව ගත් දැඩි තීරණය..!

Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Feb 27, 2023 04:13 PM GMT
Report

වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම්, රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් අනිද්දා දැවැන්ත එක්දින ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගැනීමට නොහැකිවීම තුළ මහජනයාට ඇතිවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ඔවුන් පවසසයි. එම වැඩ වර්ජනයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයන් ද එක්ව සිටීම විශේෂත්වයකි, කොළඹදී අද (27) වැඩ වර්ජනය පිළිබඳ එම වෘත්තිය සංගම් අතර සාකච්ඡාවක් පැවැත්විය.

මේ අතර වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදී අද පැවැත්විය. ඒ මාර්තු පළමුවැනිදා වැඩ වර්ජනය සම්බන්ධයෙනි. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවස්නේ වර්ජනයට එක්වනවා ද නැද්ද යන්න තීරණය හෙට (28) ප්‍රකාශට පත් කරන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

" මේ කැදවන්නේ අපි දන්න ඉතිහාසයේ තිබුණ දැවැන්තම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය වන 80 වැඩ වර්ජනය නම් එකට එහා ගිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් කරා රජය මේ රටේ වෘත්තිකයන්ව මේ රටේ සමස්ථ වැඩ කරන පන්තිය කැඳවමින් තිබෙන බව තමයි අපිට පෙනෙන්නේ. ඒ නිසා මේ සියලුම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හෙට දහවල් 12 වෙනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අවසන් තීරණය අපි ප්‍රකාශට පත් කරන්න තීරණය කරලා තියෙනවා"


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now