නම කියා අඩගසා වෙඩිතැබූ, පිස්තෝලකරුගේ ප්‍රහාරයෙන් අනූ නවයෙන් බේරුණු පුද්ගලයා

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Apr 03, 2023 10:59 AM GMT
Report

ඊයේ (02) රාත්‍රියේ නාඳුනන පිස්තෝලකරුවකු එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් විදේශ රැකියාවකට යාමට සුදානමින් සිටි අයෙකුගේ ජීවිතය යාන්තමින් බේරී ඇති බව මාරවිල පොලීසිය පවසයි.

මෙසේ දීවි බේරාගෙන ඇත්තේ මාරවිල කොස්වාඩිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියකු වන නිරෝෂන් ඩේමියන් ප්‍රනාන්දු නමැති අයෙකු බව පොලීසිය සදහන් කරන අතර ප්‍රහාරයෙන් බේරි ඇති තැනැත්තා වසර 15කට වැඩි කාලයක් ඉතාලියෙ රැකියාවක නිරතව ඇති බවත් මෙවර නිවාඩුවට පැමිණ සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇති බව වාර්තා විය.

අදාල පුද්ගලයාට වෙඩි ප්‍රහාර තුනක් තබා ඇති බවත් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. ඊයේ රාත්‍රි 8.30ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඩේමියන් ප්‍රනාන්දුට මාර්ගයේ සිට නමින් කථාකර ඇති බවත් ඒ අනුව කවුදැයි සොයාබැලිමට ඔහු ගේට්ටුව අසලට පැමිණේනවාත් සමගම පිස්තෝලයකින් එක්වර වෙඩිතබා ඇති බවත් එයින් බියට පත්වු තැනැත්තා නිවස තුළට දිවයද්දි නැවතත් දෙවන වෙඩිල්ලත් තබා තිබුණි.

ඒ සමගම මෙම පිස්තෝලකරුවන් තුන්වන වෙඩිල්ල ද තබා ඇති මුත් එයින්ද මෙම තැනැත්තා බේරි ඇතත් එම වෙඩි ප්‍රහාරය අසල්වැසි ඥාති නිවසක බිත්තියකට වැදි ඇති බව පොලීසිය පැවසීය.

එම වෙඩි ප්‍රහාරයෙන් අසල්වැසි ඥාති කාන්තා කාන්තාවගෙද දිවි යාන්තමින් බේරි ඇති බව වාර්තා විය. කෙසේ වෙතත් මෙම වෙඩිතැබිමට කුමන හේතුවක් බලපා ඇත්දැයි සොයාබැලිමට පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් කටයුතු කරන බව කියයි.

මෙම වෙඩිතැබිම සිදුවන අවස්ථාවේදි අදාළ තැනැත්තාගේ බිරිඳ හා අවුරුදු 17 හා 10 වයසේ දරුවන් දෙදෙනාම නිවස තුළ රැඳී ඇති බව පරික්ෂණවලදි තහවුරු වි තිබේ.

මෙම පරික්ෂණ සදහා මාරවිල මූලස්ථාන පොලිසිය හා පොලිස් ඇඟිලි සලකුණු නිලධාරින් හා පොලිස් අපරාධ ස්ථානිය පරික්ෂණ නිලධාරින් එක්ව තිබුණි. එම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයා පොලීසියට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව විදෙස් ගතවී තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now