අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින්ගේ දීමනා රැසක් කප්පාදු කෙරේ.

Sri Lanka Politician Government Of Sri Lanka
By Wayomi Mar 16, 2023 08:42 AM GMT
Report

විදේශ ගතවීමේදී අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින්ට නිල කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙය රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ටද මෙය අදාළ වේ.

ඒ, අනුව එලෙස වියදම් කප්පාදු කිරීම මාර්තු 20 වෙනිදා සිට ක්‍රියාත්මක එරෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී අනියම් දීමනා ගෙවීමේදී අධ්‍යයන, පුහුණු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කුසලතා සංවර්ධනයට අදාල විදෙස් ගතවීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 40ක් බැගින් උපරිම දින 30ක් සඳහා ගෙවූ දීමනාව අමෙරිකා ඩොලර් 25ක් දක්වා අඩු කොට දින 15ක් දක්වා සීමා කෙරෙනු ඇති.

මේ අතර නිල දූත කාර්යන් හෝ වෙනයම් විදෙස් රාජකාරී කටයුත්තක් සඳහා රජය නියෝජනය කරමින් විදෙස් ගත වීමේදී එක් දිනකට අමෙරිකා ඩොලර් 75ක් බැගින් උපරිම දින 15ක් සඳහා ගෙවූ දීමනාව ද අමෙරිකා ඩොලර් 40ක් දක්වා අඩු කොට දින 10ක් දක්වා සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම සංයුක්ත දීමනා ගෙවීමේදී රටවල් කාණ්ඩ පහක් යටතේ පළමු හා දෙවන ගණය යටතේ ගෙවීම් කළ සියළු දීමනාවන් 30% කින් අඩු කිරීමටද,

රජයේ නිල සංචාරයකදී දූත පිරිසට නායකත්වය දෙන අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම පරිදි හිමිවන අමෙරිකා ඩොලර් 750ක් වන සංග්‍රහ දීමනාවද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට නියමිතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්