විදෙස් රැකියා සිහින දකින්නන්ට තවත් රැකියා දස දහසක්.
මැලේසියානු රජය අනුමත කළ රැකියා දසදහසේ කෝටාවට අමතරව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇත.
ඒ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති විදේශ රැකියා නියෝජිත ආයතන සඳහා සම්මාන ප්රදානය කිරීමේ උළෙලට සහභාගී වෙමින් පැවසීය.
මෙම රැකියා දසදහස වත්මන් මැලේසියානු රජයේ සහයෙන් රැකියා ලක්ෂය දක්වා වැඩි කරගත හැකි බවත් ඉදිරියේ දී මාසිකව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා ජනතාව විදේශ රැකියා වෙත යොමුකිරීමේ සම්පුර්ණ වගකීම රැකියා නියෝජිත ආයතන වෙත පවරා ඇත.
මෙහිදී රජය විසින් විගමන ශ්‍රමිකයන්ගේ සුබසාධන ක්‍රියාවලිය සඳහා මුළුමනින්ම අවධානය යොමු කරන අතර විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, නේවාසිකාගාර ඇතුළු ව්‍යාපෘති හා පහසුකම් රැසක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |