පස් දරු පියාගේ අබිරහස් මරණය..

Mannar Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 05, 2023 11:49 AM GMT
Report

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ උඩයාර්වැවේ තිබී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පදිංචිව සිටි පස්දරු පියෙකි.

අදාළ තැනැත්තා පුත්තලම නගරයේ සත්ත්ව මාංශ අලෙවි කිරීමේ ස්ථානයක සේවය කරන්නෙකු වන අතර, ඔහු පෙරේදා නිවසින් බැහැරවගොස් නැවත නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සොයා බලා ඇත.

ඒ අනුව අද (05) උදෑසන උඩයාර්වැව අසල තිබී එම පුද්ගලයාගේ පාවහන් සහ ඇඳුමක් හමුව තිබුණි. පසුව ප්‍රදේශවාසින් විසින් වැව පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාගේ සිරුර හමුව ඇති බව පොලීසිය පවසයි.

මියගොස් සිටි පුද්ගලයාගේ ඥාතියෙකු පොලීසියට පවසා ඇත්තේ, එම පුද්ගලයා ගැඹුරු දියේ ගිලි මසුන් ඇල්ලීමට ද දක්ෂයෙකු බැවින් ඔහු දියේ ගිලී මියයාමට හැකියාවක් නොමැති බවත් මරණය සැක සහිත බවත්ය. කෙසේවෙතත් මරණය ඝාතනයක්ද යන්න පිළිඳව පුත්තලම පොලීසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now