මම අශේන්ට කැමති වුනේ ඔහු මගේ අප්පච්චි තරුණ කාලේ වගේම නිසා, ළඟදීම අපි විවාහ වෙනවා-මනීෂා චංචලා (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Apr 01, 2023 02:00 PM GMT
Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියලා කියන්නේ. 

ඒ වගේම පුංචි තිරයේ ආදරවන්තිය වුණ ඇය මේ වනවිට සැබෑ ජීවිතයෙත් පෙම්වතියක්. ඉතින් ඇයගේ හිතගත් පෙම්වතා රංගන ශිල්පී අශේන් සිරිවර්ධන දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ ආදරේ ගැන වගේම අලුත්ම තොරතුරු ගැනත් කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. 

 මේ දවස් වල දෙරණ නාළිකාවේ විකාශය වන ‘අපි එක රෑනේ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යන නිසා වගේම සංගීත විශාරද විභාගයේ පාඩම් වැඩ කටයුතු එක්කත් පසුගිය දවස්වල ටිකක් කාර්යබහුල වුණා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයගේ ආදරණිය පෙම්වතා වන අශේන් සිරිවර්ධන ජනප්‍රිය කරාතේ ගුරුවරයෙක් රංගන ක්ෂේත්‍රයෙත් කැපී පෙනෙන රංගන ශිල්පියෙක් කිවුවොත් හරියටම හරි. 

 ඒ වගේම මේ දෙන්න මුණගැහිලා තියෙන්නේ මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘ගුග්ලි’ ටෙලිනාට්‍ය හරහා. ඉතින් ඔවුන් දෙන්නා හොඳ යාළුවෝ වෙන්නෙත් ටෙලිනාට්‍ය අවසන් වෙන්න ළං වෙලා කියලයි මනීෂා කියන්නේ. 

ඊට පස්සේ ටික කාලයක් හොඳ යාළුවෝ වෙලා ඉන්නකොට ඇයට ඔහුව මුණගැහිලා තියෙන්නේ ආදරණීය හේතුවක් නිසා කියලා තේරුණා කියලත් ඇය කියනවා. කොහොම නමුත් රංගන ක්ෂේත්‍රයන්ම පෙම්වතාව තෝර ගන්න මුල් කාලයේ බලාපොරොත්තුවක් තිබුණේම නැහැ කියලයි ඇය කියන්නේ. නමුත් පසුකාලීනව දෙන්නම එකම ක්ෂේත්‍රයේ වුණොත් තේරුම් ගැනීම පැත්තෙන් රැකියාව වගේම ජීවිතෙත් පහසු වෙයි කියලා හිතුනා කියලත් ඇය කියනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery