මන්දපෝෂණය තුරන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් කරන්න යන විශේෂ දේ

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka
By Sithumi Jun 23, 2022 11:04 AM GMT
Report

පෝෂණ ගැටලුවල බලපෑම් අවම කරගැනිම සහ අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත්නොවීම සහතික කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඔරොත්තු නොදෙන ආහාර මිලත්, ආහාර හිගයත් යන කරුණු දෙක කළමණාකරණය කර ගැනීම සදහා බහුතරයක් ජනතාව ප්‍රධාන විකල්ප 02 ක් වෙත යොමු වෙමින් පවතින බවයි එම සංගමය පවසන්නේ.

01. ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම

02. ආහාරයේ ගුණාත්මක බව අඩු කිරීම ඒ අනුව පෝෂණ ගැටලුවල බලපෑම් අවම කරගැනිම සහ අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත්නොවීම සහතික කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පස්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර අදාළ යෝජනාවලිය පහත දැක්වෙනවා.

01. පවතින තත්ත්වය පිළිබඳ විද්‍යාත්මක පදනමකින් යුත් පසු විපරමක් සිදුකර දිවයින පුරා ළදරු ළමා පෝෂණ තත්ත්වයන් හා ඒ හරහා මන්දපෝෂණයට ඇති සැබෑ අවදානම තක්සේරු කළ යුතුය.

02. ආහාර පිළිබඳව ඇති මිත්‍යා මත පිළිබඳ සැබෑ අවබෝධයක් ලබාදීමත් විකල්ප ආහාර වර්ග හරහා ගුණාත්මක ආහාරවේලක් සහතික කරගන්නා ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමත් කළ යුතුය. පෝෂදායී ආහාරවේලක් පිළිබඳ මූලික සංකල්ප ජනතාව වෙත ලබාදිය යුතුය

. 03. ගෙවතු වගාව හා සත්ව පාලනය (ධීවර කර්මාන්තය ද ඇතුළත්ව) පිළිබඳ දැනටමත් ක්‍රියාත්මක දිරිගැන්වීමේ වැඩපිළිවෙල කඩිනම් ජාතික වැඩසටහනක් දක්වා පුළුල් කොට ප්‍රකාශයට පත්කළ යුතුය.

04. ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත (උදා – මස් /මාලු/ කිරි /බිත්තර /කරවල වැනි) ආහාර වේලක් පිළිබඳ ජනතාව දැනුවත්කර අඩු ආදායම් පවුල් සඳහා විශේෂයෙන් ඉලක්ක කරගත් ඒ සඳහා වන සහන වැඩපිළිවෙලක් සකස් කළ යුතුය. ඉදිරි අතුරු අය වැය හරහා මේ සඳහා මුදල් වෙන් කළ යුතුය. 0

5. ගර්භණී මව්වරුන් හා ගැහැණු දරුවන් විශේෂයෙන් ඉලක්ක කරගත් පෝෂණය ඉහළ නැංවීමේ වැඩසටහනක් මගින් මන්දපෝෂණයේ විෂම චක්‍රය බිඳදැමීමට මැදිහත් විය යුතුය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now