මම මේ දවස්වල කෝටි 10 එකතු කරනවා - මෛත්‍රී කලකට පස්සෙ කියන සංවේදි කතාව
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩු තීන්දුවට අදාළ වන්දි මුදල ගෙවීම සඳහා තමාට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක කාලයක් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මේ වන විට තමන් දන්නා හිතවතුන්ගෙන් හැකි පමණින් මුදල් එකතුකරමින් සිටින බවයි බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ. නියමිත කාලය තුළ එම මුදල ගෙවීමට නොහැකි වුවහොත් අධිකරණය විසින් තමා සම්බන්ධයෙන් කුමන තීරණයක් ගන්නේ ද යන්න තමන් නොදන්නා බවද හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළා. එම ප්‍රකාශය පහතින්
"මම ලෝකය දිනාගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා මේ රට හොඳ රටක් බවට පත්කරගෙන යනකොට තමයි ඔය පාස්කු ප්‍රහාරය ඇවිල්ලා මාව නැත්තටම නැති කරලා දාලා ඊයේ පෙරේදා මට කෝටි 10කුත් ගෙවන්න සිද්ධ වුණේ. මම හොරකම් කරලත් නෑ මම බෝම්බ ගැහුවෙත් නෑ.
මම දැන් මේ දවස්වල කෝටි 10 එකතුකර ගන්නවා දන්න හිතවතුන්ගෙන්, පුළු පුළුවන් අයගෙන්. මට කීය කීය හරි දෙන්න නැතිනම් මට 6 මාසයි දීලා තියෙන්නේ. දැන් තුන්මාසයක් ඉවරයි. එතකොට 6 මාසේ ඉවරවුණාම නීතියේ හැටියට එක්කෝ මාව හිරේ දානවා ද ? උසාවියෙන් මොකක්ද නියෝගය දෙන්නේ කියලා මම දන්නේ නෑ. මම නීතිය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි."