හිටපු ජනපතිගෙන් හදිසියේම නිවේදනයක්

SLPP Maithripala Sirisena Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Aug 17, 2022 01:58 PM GMT
Report

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූ අය බව සඳහන් කරමින් තෝරාගත් විශේෂිත පිරිසක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වන්දි මුදල් ගෙවීමට රජය කටයුතු කරන්නේ නම් ඊට විරෝධය දක්වන බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ 2015 සිට 2019 යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අය යැයි සඳහන් කරමින් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීම සඳහා වත්මන් රජය සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

අදාළ වන්දි ගෙවීමට නිර්දේශ වී තිබෙන නාමලේඛනය පරිශීලනය කිරීමේදී පැහැදිළි වන්නේ බොහෝ පිරිසකගේ නම් අධිකරණමය ක්‍රියාමාර්ග මත ගන්නා ලද තීරණ වන අතර එය හුදු දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීම සුදුසු නොවන බව එම නිවේදනය මගින් නිදහස් පක්ෂ සභාපතිවරයා පෙන්වා දෙනවා.

එබැවින්, රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි ආකාරයක තෝරාගත් විශේෂිත පිරිසක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වන්දි මුදල් ගෙවීමට රජය කටයුතු කරන්නේ නම්, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විරෝධය සහ අසතුට මේ මොහොතේ රජයට ප්‍රකාශ කරන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනතාවත්, රටත් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සියලු ශක්තිය යෙදවීම මිස ජනතාවගේ මුදල් මෙලෙස කාබාසිනියා කිරීම නොවන බව ද ඔහු සිය නිවේදනය මගින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW