පස් කන්දක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයක ගමනාගමනයට බාධා..

Sri Lanka
By krishani Jan 08, 2023 04:21 AM GMT
Report

මහනුවර - මහියංගනය 18 වංගුව මාර්ගයේ 14 සහ 15 වංගු අතර ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මේ වනවිටත් එක් මංතීරුවක් අවහිර වී ඇති අතර එහි පස් ඉවත්කරමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

පස් කඳු කඩාවැටීමේ අවදානමක් පවතින හෙයින් සැළකිළිමත්ව රිය ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join