මහින්දානන්දව ගුවන් තොටුපළේදී හරවා යැවීම ගැන විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Mar 13, 2023 08:00 AM GMT
Report

විදෙස් සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නැවත හරවා යැවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. 

 නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මන්ත්‍රීවරයාගේ ගමන් බලපත්‍ර දත්තවලට අදාළව වෙනත් අයෙකුගේ දත්ත ඇතුළත්ව තිබීම හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

ඒ අනුව අදාළ තොරතුරු පද්ධතියට ඇතුළත් කළ නිලධාරිනියගේ සේවය මේ වන විට අත්හිටුවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විමර්ශන ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.‍


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now