මහින්ද රාජපක්ෂ යළි අගමැති ලෙස දිවුරුම් දෙන්න යයි..හෙට දිනයේ කුමක් වෙයි ද?
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළිත් වතාවක් අගමැතිවරයා ලෙස දියුණුව දීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බව සමාජ මාධ්‍ය හරහා තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.
බොහෝ දුරට රාජපක්ෂ මහතා ඉදිරි දින දෙක තුන ඇතුලත අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පවසයි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කිරීමේ උත්සාහය පරාජය කිරීම සඳහා කොළඹ විරෝධතාවයක් අගහරුවාදා කොලඹට කැඳවා තිබෙන බවද වාර්තා වේ.
ඒ සඳහා නිර්මාණය කරන ලද ප‍්‍රචාරක පත‍්‍රිකා සමාජ ජාලයන්හි මේ වන විටත් හුවමාරු වෙමින් ඇත.
කෙසේවෙතත් කොළඹ ප්‍රධාන මරමස්ථාන වලට පසුගියදා සිට හදිසියේ ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධව ද සමාජ මාධ්‍ය තුල මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට යැයි මතයක් පැතිරයමින් තිබේ.
ඒ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට දිනයේ යළි අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අගමැති ධූරයෙන් ඉවත්ව දිවුරුම් දෙනවාය යන මතයයි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ගැටලුවක් නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ද පවසා තිබේ.
නමුත් කිසිවෙකු නිලවශයෙන් මේ සම්බන්ධව දැනුම් දීමක් සිදු කර නොමැත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |