හිටපු අගමැතිට ලැබුණු අලුත් යෝජනාව. (VIDEO)
වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් එම ධූරය ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මිත්‍රයින් ඒ සඳහා සහාය ඉල්ලා සිටි බව ය.
එම ප්‍රකාශය පහතින්,
"අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරන්න යම් වැඩපිළිවෙලක් යනවා කියලා.. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා.
දිනේෂ් ගුණවර්ධන මහතාව අයින් කරලා මහින්ද රාජපක්ෂ මහතාව නැවත වතාවක් අගමැති ධුරයට පත් කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා කියලා.
අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරියයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි කරන්න ඕනේ.අගමැති ධුරය වෙනස් කරලා රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.
මේ උත්සාහයට අපි සහාය දෙන්නේ නැහැ.මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් විවේක සුවයෙන් ගෙදර ඉන්න ඕනේ. එතුමා රට වෙනුවෙන් කරපු යමක් තිබේ නම් ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න ඒක හේතුවක් වෙයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |