හිටපු ජනපති මහින්දට 5000 නෝට්ටු දීපු බව බොරුවක්ලු..තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)

Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka
By Aruna Feb 13, 2023 12:20 AM GMT
Report

2010 ජනාධිපතිවරණය ආසන්නයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් මාලිගාවේ මුදල් ලබා දුන් බවටත් මාලිගාවේ රත්තරං සහ ඉඩම් මංකොල්ලයක් සිදුව ඇති බවට එල්ලවන චෝදනා අසත්‍ය බව දුක හඳුනන අපි සංවිධානයේ නිලන්ත රණසිංහ මහතා පවසයි.

එවන් ප‍්‍රකාශයක් සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර ඇති නිහාල් ෆර්නැන්ඩො නැමැත්තා සිදු කළ ප්‍රකාශ පදනම් විරහිත බවත් ඔහු මානසික රෝගියෙකු බවත් ඔහු වහා අත්අඩංගුවට ගත යුතු බවත් හෙතෙම පැවසීය.

ඔහු රුපියල් 5000 නෝට්ටු මිටි බැඳ 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට සඳහන් කළත් ඒ වන විටත් රු5000 නෝට්ටු මුද්‍රණය කර නොමැති බව නිලන්ත රණසිංහ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම නිහාල් ෆර්නැන්ඩො නැමැත්තා කතෝලික මූලධර්මවාදීන් පිරිසක් විසින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට අපහාස කිරීම සඳහා යොදාගෙන ඇති බවත් ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now