මහින්ද රාජපක්ෂ යළිත් අගමැති ධූරයට..?

Mahinda Rajapaksa Prime minister Sri Lanka Sri Lanka Podujana Peramuna Sagara Kariyawasam
By Sewvandhi Apr 30, 2023 09:53 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ, මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු යෝජනාවක් ලැබී නොමැති බවයි.

පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, විපක්ෂය විසින් මේ වන විට විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවයි.

සාගර කාරීයවසම් මහතා මෙම අදහස් පළ කළේ, කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි,

"කැබිනට් සංශෝධන කියන්නේ සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාට අයත් කාරණයක්. ඒ සම්බන්ධයෙන් අපි කිසිම මැදිහත්වීමක් පක්ෂයක් හැටියට කරන්නේ නැහැ‍. එහෙම කිසිම දෙයක් නැහැ. ඒක සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාට අයත් කාරණයක්."

ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරවන්නේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවාද පක්ෂයෙන් ?

"නැහැ එහෙම යෝජනාවක් නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්. විපක්ෂයේ අයට මේ දවස්වල කරගන්න දෙයක් නැතිව, මාතෘකා නැතුව බොරු මාතෘකා හදමින් ඉන්නවා. ඉතින් අපි බොහොම ශක්තිමත්ව පක්ෂයක් ලෙස අපේ ගමන යනවා. මහින්ද රාජපක්ෂ මහතාව නැවතත් අගමැති කරන්න අවශ්‍යනම් නැවත ඒක ඔය එක එක්කෙනා කියන ආකාරයට නෙමෙයි, ඒක අපි පක්ෂයෙන් නිසිආකාරයට මහජන බලයත් එක්ක තමයි සිදුකරන්නේ."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now