වෘත්තීය සමිති නායකයින් හිටපු ජනපති මහින්ද හමුවට එයි - මැදිහත්වීමක් ඉල්ලයි..!

Mahinda Rajapaksa Sri Lanka
By Sewvandhi Apr 01, 2023 08:53 AM GMT
Report

අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් ප්‍රකාශ කළේ,අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වීමක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව බවයි.

රට තුළ ඉන්ධන බෙදාහැරීමේ අයිතිය විදේශීය සමාගම්වලට ලබාදීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සිව්දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පසුගිය 29 වනදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම පිරිස්වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්ත පරිශ්‍රයට ඇතුළුවීම ද තහනම් කර තිබුණු අතර වෘත්තීය සමිති නායකයින්ට අමතරව සේවකයින් කිහිපදෙනෙකු ද අනිවාර්ය නිවාඩු යැවු පිරිසට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට එම වෘත්තිය සමිති නායකයින් අද විජේරාම පිහිටි හිටපු ජනපති නිල නිවසට පැමිණ තිබුණි. 

 අනිවාර්ය නිවාඩු යැවු 20 දෙනා අතරින් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා හැර සෙසු 19 දෙනාම මෙම සාකච්ඡාව සඳහා එක්වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ද අදාළ සාකච්ඡාවට එක්විය.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව පිරිස මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ සිය ගැලුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා සාධනීය මැදිහත්වීමක් සිදුකරනු ඇති බවට විශ්වාසය කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෙක්,

"දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි පොලිස්පතිට ලියුමක් යවලා තියෙනවා.. ඒ වගේම CID එකේ අධ්‍යක්ෂකතුමාට කොපි කරලා... ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒකට සාධාරණයක් කරගන්න තමයි අපි බලාපොරොත්තු වුණේ." 

   "නෑ.. නෑ.. අපි බයවෙලා නෙමෙයි. කාටවුණත් අනවශ්‍ය විදියට ප්‍රශ්නයක් එනකොට ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා."

"හිටපු ජානාධිපතිතුමා විශ්වාස කරලා තමයි අපි මේ ඔක්කෝම ආවේ. දේශපාලන භේදයකින් තොරව. මේ කාරණයට මැතිහත්වීමක් වෙන්න කියලා කියන්න. එතුමා මැදිහත්වීමක් වෙයි කියලා සාධනීය බලාපොරොත්තුවක් තියෙනවා."

"අපිට වෘත්තීය සමිති නායකයෝ විදියට මේ කාරණයට අපි ඕන විදියකට මුහුණ දෙන්න සූදානම්. සාමාජිකයින් කණ්ඩායමක් මේ කට ඇතුල් කිරීම තමයි අපට තියෙන ප්‍රශ්නය."

"අපේ සාමාජිකයින්ව කොයි වෙලාවෙවත් බිල්ලට දෙන්න සූදානම් නෑ. ඒ නිසා අපි කිව්වා මේ ප්‍රශ්නේ විසඳගන්නකම් ඒ අයට වැඩ කරන්න කියලා. අපි ඒක පැහැදිලිව කිව්වා."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now