"හුළං පුම්බලු බෝලයක් උඩ ගියා වගේ...දැන් බිමට එන්න පටන් අරගෙන තියෙනවා" - මහින්ද රාජපක්ෂ

Mahinda Rajapaksa Sri Lanka Sri Lanka Podujana Peramuna
By Sewvandhi Mar 12, 2023 02:12 PM GMT
Report

 හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සදහන් කලේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙකත් මැතිවරණවලට බියනොවන බවයි. ඔහු පෙන්වාදෙන්නේ, බොහෝ දේශපාලන පක්ෂ ගම් මට්ටමේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන නොමැති බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

"සමහරු පසුගිය දවස් වෙකොට දිනලා හිටියේ. හුළං පුම්බලු බෝලයක් උඩ ගියා වගේ. දැන් බිමට එන්න පටන් අරගෙන තියෙනවා. එදා මේ අයට ඇවිත් රට භාරගන්න කිව්වාම ඔය කෑගහන දෙගොල්ලොම ඒ වෙලාවේ රට භාරගත්තේ නැහැ. එයාලා දන්නවා එයාලට කරන්න පුළුවන් හරිය කොච්චරද කියලා. මිත්‍රවරුනී මේ වගේ අය තමයි අහන්නේ, අපි ඡන්දයට බයද කියලා. අපි කිසිම බයක් නැහැ ඡන්දෙයකට.

අපි ගමට වැඩක් කරපු පක්ෂයක්. එහෙම නැතුව TV එකෙන් දිනලා, පත්තරෙන් දිනලා, ගිහිල් ගමේ ඡන්ද කරන්න බැහැ. ඒ අය ඡන්දයට බය නැත්නම් ඇයි නිතරම ජනතාව කුපිත කරන්නේ ? අද ඒ අය පාසල් දරුවන්වත්, තව පැත්තකින් රෝගීන්වත් ප්‍රාණ ඇපයට අරගෙන එයාලගේ ඉල්ලීම් දිනාගන්න තැනට වැටිලා තියෙනවා. කම්කරු අයිතීන් දිනාගන්න එක වරදක් නෙමෙයි. හැබැයි මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන ආර්ථිකයත් ජන ජීවිතයත් කඩාබිඳ දානවනම් ඒ අය කරන්නේ මහ අපරාධයක්."


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now