මහින්දට යළිත් අගමැතිකම දෙන සැලසුම - ආණ්ඩු පක්ෂයේ සහය ඉල්ලයි..
වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුර මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් ලබාදීමේ කිසියම් සැලසුමක් ක්‍රියාත්මක වන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ආණ්ඩු පක්ෂයේ මිත්‍රයින් ඒ සඳහා සහාය ඉල්ලා සිටි බවද ජයසුමන මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා,
"..අගමැති ධූරය වෙනස් කරන්න වැඩපිළිවෙළක් යනවා කියලා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අපේ මිත්‍රයෝ කිව්වා. අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා. අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරියයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි මේ වෙලාවේ කරන්න ඕනේ.
අගමැති ධුරය වෙනස් කරලා රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ. මේ උත්සාහයට අපි සහාය දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් විවේක සුවයෙන් ගෙදර ඉන්න ඕනේ. එතුමා රට වෙනුවෙන් කරපු යමක් තිබේ නම් ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න ඒක හේතුවක් වේවි.."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |