මහින්ද තනි වෙයි? හැමෝම දැන් ඔහුව මඟහරින්නේ ඇයි?
මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විසින් මගහරිමින් සිටින තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඇතැම් වෙබ් අඩවියක් පෙන්වා දී තිබුණේ, මහින්ද රාජපක්ෂ අග‍්‍රාමාත්‍ය ධුරය දරද්දී පාර්ලිමේන්තු ආපන ශාලාවේ දී ඔහු හා ආහාර ගැනීමට මන්ත්‍රීවරුන් විශාල වශයෙන් උනන්දු වුවද දැන් ඔහු බොහෝ අවස්ථාවල තනිව ආහාර ගනිමින් සිටින බවයි.
එමෙන්ම අගමැති ධුරය දරද්දී ඔහු පාර්ලිමේන්තුව පැමිණි අවස්ථාවන්හි පිළිගැනීමට විශාල මන්ත්‍රීවරුන් පිරිසක් පිවිසුම දොර අසලට එක්ව සිටියද අද වන විට ඔහු පාර්ලිමේන්තු සභාවට පිවිසෙන්නේ ආරක්‍ෂක පොලිස් නිලධාරියෙකු සමඟ පමණක් බවත් එහි සඳහන්.
මේ අතර ඔහුගේ සමීපතම මන්ත්‍රීවරුන් දෙදෙනකු හෝ තුන් දෙනෙකු පමණක් ඉඳහිට ඔහු සමීපයේ සිටින බවද වාර්තා වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. |