මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයට කරන්න යන දේ . - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

Mahinda Rajapaksa Sri Lanka Government Of Sri Lanka
By Wayomi May 03, 2023 04:01 AM GMT
Report

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියක් හිමිව තිබෙනවා.

ඒ, එම උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ කළමනාකරණය කිරීමට පියවර ගැනීම වෙනුවෙන්.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය පෙබරවාරි 27 දින පැවති රැස්වීමේ දී එම යෝජනාව සාකච්ඡාවට ගෙන ඇති බවයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW