වහාම හිටපු අගමැති මහින්ද හා ඇමති බැසිල්ට විදෙස් ගමන් තහනමක් පනවන්න..! ප්‍රබල ඉල්ලීමක්

Basil Rajapaksa Mahinda Rajapaksa Sri Lanka Gota Go Home 2022 Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 14, 2022 08:17 AM GMT
Report

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් හෙට දිනය දක්වා රටින් පිටව නොයන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.  .

  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) සහ තවත් තිදෙනෙකු විසින් ගොනු කරන ලද මෝසමෙන් ඉල්ලා සිටින්නේ, නඩුව විභාග වන කාලය තුළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු වගඋත්තරකරුවන් 6 දෙනෙකුගේ විදේශ ගමන් සීමා කරන ලෙසයි.

TISL, Chandra Jayaratne, Jehan CanagaRetna සහ Julian Bolling විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමෙන් කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ විදේශ ණය තිරසාර නොවීම, විදේශ ණය ආපසු ගෙවීමේ දැඩි පැහැර හැරීම සහ රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය සඳහා පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් සෘජුවම වගකිව යුතු බවයි.

 අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් සීමා කරමින් මීට පෙර අධිකරණ නියෝග දෙකක් ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටි බව අද දින අධිකරණ ක්‍රියාදාමයන් පිළිබඳ යාවත්කාලීනයක් ලබාදෙමින් TISL ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදේශ සංචාරවල යෙදීමට කබ්රාල්ට කිසිදු අදහසක් නොමැති බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා. මෙම මෝසම ඉදිරිපත් කිරීමෙන් පසු සඳුදා රාත්‍රියේ බැසිල් රාජපක්ෂ රටින් පිටවීමට උත්සාහ කළ බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටි බව TISL වැඩිදුරටත් සඳහන් කළේය.

පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගමන් සීමා පනවන ලෙස පවසමින් වගඋත්තරකරුවන් පිටව ගියහොත් පෙත්සම්කරුවන් නඩුවෙන් සාර්ථක වුවද ඔවුන්ට "හිස් කොළ කැබැල්ලක්" ඉතිරි වන බවත් බලාත්මක කිරීමට වගඋත්තරකරුවන් නොමැති බවත්ය.

ඇඳිරි නීතිය හේතුවෙන් හෙට (15) මධ්‍යම රාත්‍රිය දක්වා වගඋත්තරකරුවන් තිදෙනාම රටින් පිටව නොයන බව මහින්ද රාජපක්ෂ, බැසිල රාජපක්ෂ සහ ආටිගලගේ නීතීඥවරු අධිකරණයට දන්වා සිටියහ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ප්‍රකාශ කළේ මෙම පෙත්සම හෙට යළි විභාගයට ගන්නා බවයි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now