ලංකාවට ඩොලර් ගේන අලුත්ම ක්‍රමයක්..මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්..
යාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ අප රටේ ඇඹුල් කෙසෙල් අපනයන කළාප පිහිටුවීමේ වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට 18 වතාවක් රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය කරනු ලැබ ඇත.
මීට අමතරව යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන අක්කර 350ක පමණ වන කාබනික ඇඹුල් කෙසෙල් වගාවේ පළමු තොගය වශයෙන් කිලෝ ග්‍රෑම් 25,000ක් මෙම මස 28 දින අපනයනය කිරීමට යෝජිතව තිබේ.
යාපනයේ ඇඹුල් කෙසෙල් වගාවෙහි ගොවීන් 600ක් නිරතව සිටින අතර තවත් හෙක්ටෙයාර් 650ක් දක්වා එම වගාව ව්‍යාප්ත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මීට අමතරව ඇඹුල් කෙසෙල් අපනයන කලාපයක් ඇඹිලිපිටිය හා හම්බන්තොට ආශ්‍රිතව මෙම වසර තුළ ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ.
ඊට අමතරව සෙවනගල ප්‍රදේශයේ කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයක් රාජාංගනයේ ස්ථාපිත කර තිබෙන අතර යාපනයේ සැකසුම් මධ්‍යස්ථානයේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත.
රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය මගින් එක් වරකට ඩොලර් 20,000ක මුදලක් රටට අපනයන ආදායම් වශයෙන් ලැබෙන අතර යාපනයේ කෙසෙල් අපනයනය මගින් සතිපතා මෙරටට ඩොලර් 40,000ක ආදායමක් ලැබීමට නියමිතයි.
දැනට අප රටේ ඇඹුල් කෙසෙල් සඳහා විදේශ වෙළෙඳ පොලෙහි විශාල ඉල්ලුමක් පැවතියත් තවමත් අප රටේ ගොවීන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූව වගා නොකරන බැවින් සමස්ත ඉල්ලුමට සාපේක්ෂව සැපයීමේ අපහසුතා පවතී.
නමුත් කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දෙන තාක්ෂණික පුහුණුව නිසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇඹුල් කෙසෙල් වගා කිරීම සිදු කරනු ලබයි.
යාපනයේ ඇඹුල් කෙසෙල් වගාවට රසායනික පොහොර කිසිවක් නොයොදන අතර එම ගොවීන් ඒ සඳහා භාවිතා කරනුයේ කාබනික පොහොර පමණක් නිසා යාපනයේ ඇඹුල් කෙසෙල්වලට ඉදිරි කාලය තුළ අනෙකුත් රටවලින් ද ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |