දිවයින පුරා පවුල් ලක්ෂ 29කට අද සිට නොමිලේ ලැබෙන දේ මෙන්න..හම්බන්තොටින් වැඩ ඇරඹේ..

Mahinda Amaraweera Sri Lanka Economy of Sri Lanka
By Aruna Mar 27, 2023 03:24 AM GMT
Report

අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසහටන අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙවර මහකන්නයේදී ගොවි ජනතාවගෙන් රජය මිලදී ගත් වී තොග, සහල් බවට පත් කර ඒවා මෙසේ අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදාහැරෙන බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10 ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මෙම සහල් සහනාධාරය පළමුව පවුල් ලක්ෂ විස්සකට ලබාදීමට සැළසුම් කර තිබුණත් පසුව එය ලක්ෂ 29 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළා.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල සහ මාතර ඇතුලු තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පළමු අදියර යටතේ සහල් බෙදාහැරීම සිදු කෙරෙනවා.

අද දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුකොළපැලැස්ස සහ වීරකැටිය ප්‍රදේශවල දී මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.